Friday, March 25, 2011

ඉංග්‍රීසි පාඩම

මේ කියන්න යන්නේ අපි උසස් පෙළ පන්තියේ ඉදිද්දි සිදුවිමක්. 93 අවුරැද්දේ උසස්පෙළ ගණිතය විද්‍යාව කරන්න හිටපු අපේ කටිටිය ඔක්කෝම හිටියේ එකම විද්‍යාගාරයක. ඔය ලැබ් එක ඇතුලේ තියෙනවා ජීව විද්‍යාව ළමයින්ට උගන්වන්න ගෙනාපු හිස් කබලකුයි ඇට සැකිල්ලකුයි. අපොයි ලැබ් එකට ගිය මුල්ම දවසේම ඔය සෙටි එක දැකලා හැාමා්ම බයවෙලයි හි‍ටියේ.

අපි ඉතිං ඔය හරිය‍ට කිට්ටු වෙන්නේවත් නැහැ. ඔන්න දවසක් අපේ පන්තියට ඉංග්‍රීසි උගන්නවන් ගුරුවරියක් ආවා. ඉතිං ඉංග්‍රීසි අපිට ඒ දවස් වල දිරවන්නේම නැති විෂයක්.  හැමෝම කරන්නේ කටි එක දා‍න එක. ඉතිං ඔන්න අලුත් ටිචර් පන්තියට ඇවිත් අපිට ඉංග්‍රීසි පාඩමක් පටන්ගන්න හදන කොටම දැකපි අර හිස් කබලයි ඇට සැකිල්ලයි. මේක දැකලා මෙන්න මෙයා මේගැන විස්තර අහනවා අනේ ඉතිං අපි ගණන් කාරයොනේ. අපි සද්ද නැහැ බැරි බැරිග‍‍ාතේ සයන්ස් කා‍රයෝ උත්තර දෙනවා. එදා දවසම ටිචර් හිටියා හිස් කබලයි ඇටසැකිල්ලත් එක්කමයි. ඉතිං ඔන්න පීරියඩ් එක ඉවර වෙන්න සීනුව ගහනකොට අපිට ඉතිං හරිම සතුටුයි. හැබැයි ටීචර් යන්න ඉස්සෙල්ලා කියපු කතාවට අපිට තරු පෙනුනා.

ළමයි හෙට ඉංග්‍රීසී පිරියඩ් දෙකක් තියෙනවා හෙට හැම ළමයෙකුම මේ හිස් කබලයි ඇටසැකිල්ලයි ගැන විස්තරයක් කරන්න කිව්වා. හුටා‍ ...බුදු අමිමෝ සිංහලෙන්වත් විස්තර කරන්න දන්නැති දෙයක් ගැන ඉංග්‍රීසියෙන් කොහොම කියන්නද.

ඔන්න දැන් හෙට දවසත් ආවා. විස්සක් විතර ඉන්න පන්තියේ භාගයට භා‍ගයයි ඇවිත් ඉන්නේ අපි පන්තිය වර්ජනය කරන්න තීරණය කළා. අපේ ලැබ් එක වටේට ලොකු පැන්ට්‍රී කබඩ් ගහලා තියෙනවා. ඒක ඇතුලට රිංගන්න පුඵවන් හතර දෙනෙක් විතර ඔය පැන්ට්‍රී කබඩි අස්සට රිංග ගත්ත. දෙන්නෙක් තුන්දෙනෙක් පුස්තකාලයටත් ගියා. මම එදා හොදටම අසනීප වුනා. පැනඩෝල් කාර්ඩි එකක් ළග ති‍යාගෙන ඔඵව ‍මේස අස්සේ හංග ගත්තා. ඔන්න දැන් ඉංග්‍රීසි ගුරුතුමිය පන්තියට ආවා පන්තියේම හිටියේ ළමයි හතරයි. එයින් එක්කෙනෙක්ට අසනීපයි. ටීචර් අහනවා මොකද මේ ළමයි නැත්තේ කියලා. ඉතිං කටිටිය උත්තර දෙනවා අද ආ‍වේ නැහැ ටිචර් කියලා. දැන් ටිචර් පා‍ඩම පටන් අරන් ටිචර් විස්තරයක් කියනවා. ඒ අතරින් පැන්ට්‍රී කබඩ් අස්සේ ඉන්න කට්ටිය එක එක සද්ද දානවා. සමහරු බකස් ගාලා හිනා වෙනවා.

ටිචර් අහනවා මොකද ළමයිනේ මේ සද්දේ කියලා. ආ ...... ඒ ගෙමිබොනේ ටිචර්. ජීව විද්‍යාව පාඩමට ගෙනාපු ගෙම්බෝ ටික කබඩි ඇතුලේ  ඔන්න ඒ එක්කම කබඩ් අස්සේ හිටපු දෙන්නේක් බුදු අම්මෝ කියාගෙන කෑගහගෙන එළියට ආපි... මෙන්න ඒ අස්සේ ටීචර්ත් දුවනවා බය‍වෙලා. පස්සේ තමයි විස්ත‍‍ෙර් කබඩ් එක අස්සේ හිටපු කැරපොත්තෝ ටික අපේ කටිටියට හොදට සලකලා..ඊට පස්සේ කබඩ් අස්සේ හිටපු අනෙක් දෙන්නත් හිමින් හිමින් එළියට ආවා. හැබැයි එදායින් පස්සේ ටීචර් ඉංග්‍රීසි උගන්වන්න පන්තියට ආවේ නම් නැහැ. අපිට ඉතිං පස්සේ ප්‍රින්සිපල් හොදට සැලකුවා............. දැන් මේ සිදුවිම මතක් වෙනකොටත් හිනා........


1 comment:

  1. නියමයි, තව ලියන්න... අපි එන්නං කියවන්න.... දෙයියගේ කෙමෙස්ට්‍රි ක්ලාස්ස් එකෙත් වෙච්චි දේවල් එහෙම ඇතිනෙ !!! :)

    ඒ වගේම මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන අයට ලේසියි.

    ReplyDelete